බස්රථ අනතුරු අවම කිරීම සඳහා වූ ප්‍රථම වැඩසටහන පසුගිය දා නුවරඑළිය අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සීබී රත්නායකගේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අන්තර්පළාත් හා මධ්‍යම පළාත් සභාවට අයත් බස් හිමියන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් 200 කට ආසන්න ප්‍රමාණයක් මෙම වැඩමුළුව සඳහා එක් ව සිටි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
රිය අනතුරු අවම කරගැනීම සඳහා මාර්ග ආරක්ෂව පිළිබඳ මනා දැනුමක් ලබාදීම, ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සඳහා බස් රථවලට GPS තාක්ෂණය යොදාගැනීම, බස් රථ රියැදුරු හා කොන්දොස්තරවරුන් සඳහා රක්ෂණය, සේවක අර්ථ සාධක හා භාරකාර අරමුදල් සඳහා දායකත්වය හිමි කරදීම පිළිබඳ එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් මෙම වැඩමුළුවේ දී දේශන පවත්වන ලදී.
වැඩමුළුව සාර්ථක ව අවසන් කළ බස් හිමියන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා විෂයයට අදාල ලිඛිත පරීක්ෂණයකින් අනතුරු ව සහතික පත්‍රයක් ද පිරිනැමුණු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.