Thu05232013

Last update10:12:35 PM GMT

sd sd

කෑගල්ල පොසොන් පෙරහර මෙවරත්

  • පී.ඩී.එෆ් (PDF)

altකෑගල්ල වෑවලදෙනිය විහාරස්ථානය මගින් වාර්ෂික ව සංවිධාන කරන කෑගල්ල පොසොන් මහා පෙරහැර මෙවරත් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇතැයි වාර්තා වේ.

 
පෙරහැර 09 වැනි දා කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කි.මී 77 සිට 79 කණුව දක්වා වූ ප‍්‍රදේශයේ වීථි සංචාරය කිරීමට නියමිත අතර එම කාලය තුළ මාර්ග අවහිරතාවක් ඇතිවුවහොත් ඒ සඳහා වාහන ගමන් කරවීමට පහත සඳහන් විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ.
 
මහනුවර සිට කොළඹ බලා ගමන් ගන්නා වාහන කරඬුපන හන්දියෙන් දකුණට හරවා හිරිවඩුන්න දක්වා ගමන් කර එතැනින් ඉඹුල්ගස්දෙණිය - පොල්ගහවෙල මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් ගත යුතු ය.
 
කොළඹ සිට මහනුවර දෙසට ගමන් කරන වාහන රන්වල හන්දියෙන් වමට හැරී ඉහත කී මාර්ගය ඔස්සේ ම කරඬුපන  හන්දියට පැමිණ නුවර දෙසට ගමන් කරනු ඇත.
 
Share/Save/Bookmark