බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ප‍්‍රදානය පසුගිය දා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.අධිකාරියේ සභාපතිනිය ලෙස නයනා සේනාරත්න සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි මෙන් ම නීතිඥ ජගත් ගුණවර්ධන, නන්ද කුමාර සෙනවිරත්න, රොහාන් සේනානායක යන අය ද එදින පත්වීම් ලිපි භාර ගත් හ.
බස්නාහිර පළාත් ගොවිජන සේවා කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර් පී මහින්දපාල, පළාත් වාරිමාර්ග ඉංජිනේරු අධ්‍යක්ෂිකා ඩබ්ලිව් ආර් ජී චිත‍්‍රාංගනී, නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් බන්දුල පේ‍්‍රමකුමාර ද අමාත්‍යවරයා වෙතින් පත්වීම් ලිපි ලබා ගත් බව වාර්තා වේ.
| ← ලාංකිකා පෙරේරාගේ ගායන දිවියට 40 වසරයි | ජාතික රෝහලේ බොදු බැති ගී ප්‍රසංගයක් → |
|---|



