
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන කටයුතු සම්මේලනය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක් ව සංවිධාන කරන 24 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග 19 වැනි දා ආරම්භ වේ.
මෙම තරග ජුලි 02 වැනි දා දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ක්‍රීඩාංගණයේ හා දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ක්‍රීඩා පිටිවල පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව වොලිබෝල් කාන්තා / පිරිමි තරග 19, 20 හා 21 තෙදින කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද, දැල්පන්දු තරග එදින ම මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී ද පැවැත් වේ.
කබඩි කාන්තා / පිරිමි තරග මෙම මස 26, 27 හා 28 යන දිනයන් හි ගාල්ල බද්දේගම කුම්බේ ක්‍රීඩාංගණයේ දී ද පා පන්දු තරග එම දිනවල ම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ද, එල්ලේ කාන්තා / පිරිමි තරග ජුනි 02, 03 සහ 04 දිනයන් හි ගම්පහ මිරීගම ඩී එස් සේනානායක ක්‍රීඩාංගණයේ දී සහ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ දී ද ආරම්භ වේ.
ක්‍රීඩා උළෙලේ කාන්තා/ පිරිමි ක්‍රිකට් තරග ජුනි 09, 10 හා 11 රත්නපුර බලංගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී හා බලංගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී ද, කැරම් කාන්තා/ පිරිමි ඒකල හා යුගල තරග මහරගම තරුණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකා යූත් පරිශ්‍රයේ ද පැවැත් වේ.
කඹ ඇදීමේ කාන්තා/ පිරිමි තරග ජුනි 16, 17 සහ 18 දිනයන් හි කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී ද පැසිපන්දු කාන්තා / පිරිමි තරග කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කාන්තා/පිරිමි බීච් වොලිබෝල් තරග ජුනි 30, ජුලි 01 වැනි දා සහ 02 වැනි දා මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරෙළ තීරයේ දී පැවැත් වේ.