Wed05222013

Last update09:15:57 PM GMT

sd sd

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට කණ්ඩායම් පැමිණෙති

  • පී.ඩී.එෆ් (PDF)

altආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ජපාන, චීන තායිපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 06 වැනිදා දිවයිනට පැමිණේ.

15 වැනි ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට මෙම කණ්ඩායම දිවයිනට පැමිණෙන බව 15 වන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සංගමයේ මාධ්‍ය කමිටුව අවධාරණය කරයි. 
ඒ අනුව චීනය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙකු ද ජපානය නියෝජනය කරමින් 61 දෙනෙකු ද චීන තායිපේ නියෝජනය කරමින් 44 දෙනෙකු ද දිවයිනට පැමිණේ.
මේ වන විටත් දිවයිනට පැමිණ සිටින කටාර්, යේමනය සහ කුවේට් යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම් කටයුතු සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කර ඇතැයි එම මාධ්‍ය කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Share/Save/Bookmark