Sat05252013

Last update09:51:14 PM GMT

sd sd

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

altසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08 ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. 

ඒ අනුව මෙම ටෙස්ට් තරගාවලිය 1 - 1 ක් ලෙස ජය පැරදුමකින් තොරව  අවසන් විය. 
මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 278 ට සීමා විය.
ඒ අනුව ලකුණු 94 ක ඉලක්කයක් වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19 පන්දු 04 ක් තුළ කඩුලු 02 ක් දැවී ලකුණු 97 ක් රැස්කරමින් තරගය ජය ගැනීමට සමත්විය. 
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 275 ට අවසන් වූ අතර එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 460 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භයේ දී එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 185 ක් පසුපසින් සිටින ලදි.
දෙවන ඉනිමේ ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 278 ත් සමගින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේ දී ලබාගත යුතු වූයේ ලකුණු 94 ක් පමණි. 
Share/Save/Bookmark