Thu06202013

Last update09:05:36 PM GMT

sd sd

ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී

  • පී.ඩී.එෆ් (PDF)

altශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පැවැත්වෙන 15 වැනි ආසියාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය ජුනි මස 09 වැනි දා සිට 12 වැනි දා දක්වා සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් යැයි ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

 
ආසියානු කලාපයේ රටවල් 43 ක 850 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වන මෙම තරගාවලිය පුංචි ඔලිම්පික් උළෙලක අසිරිය මෙරට ක්‍රීඩා ලෝලීන්ට ලබා දෙනු ඇති බවත් ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස ශ‍්‍රී ලංකාව ඊට සූදානම් බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටී.
 
මෙහි සමාරම්භක දිනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වීමට නියමිත ව ඇති අතර සමාප්ති උළෙල අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්නගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ. 
 
ආසියාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙල ගම්භීර උළෙලක් ලෙස සංවිධාන කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය මේ වනවිට කටයුතු ආරම්භ කර ඇත.
 
Share/Save/Bookmark