ශ්රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති ඉහළ ආර්ථික ප්රගතිය හේතුවෙන් තවදුරටත් මානුෂීය ආධාර අනවශ්ය වුවත් ලාංකීය සංවර්ධනයට තවදුරටත් බ්රිතාන්යයේ අඛණ්ඩ සහාය ලබා දෙන බව මෙරට බ්රිතාන්ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් පවසයි.
මෙරට යළි ත්රස්තවාදය ඇති කිරීමට උත්සාහ දරන කිසිදු පාර්ශ්වයකට බ්රිතාන්යයේ සහාය හිමි නොවන බව පෙන්වා දෙන මහ කොමසාරිස්වරයා විදේශගත ලාංකිකයින්ට ප්රතිසන්ධාන ක්රියාවලියේ කොටස්කරුවන් විය හැකි බවට ද විශ්වාසය පළ කරයි.
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්රියාවලියට බ්රිතාන්ය රජය පවුම් ලක්ෂ 20 ක් ලබා දී තිබේ. එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් සඳහා ද තම රජය දායක වන බව හෙතෙම මාධ්ය ආයතනයක සම්මුඛ සාකච්ඡාවක දී ප්රකාශ කර ඇත.