පසුගිය සතියේ සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාර පසුපස අල්-කයිඩා සංවිධානය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි මූන් පවසයි.
සිරියාවේ බෝම්බ ප්‍රහාර පසුපස අල්කයිඩා සංවිධානය - බැං-කි-මූන්
දමස්කස් හි සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකෙන් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 372 දෙනෙකු තුවාල ලබා ඇත.
පසුගිය වසරේ සිට සිරියානු ජනාධිපති බෂාර් අල්- අසාද් ට එරෙහි සිදු වූ විරෝධතා අතරින් දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය වන අතර මේ වනවිට ගැටුම් හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 10,000 ක් බව මහ ලේකම්වරයා සඳහන් කරයි.
අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 18 වෙනි සිකුරාදා, 22:42




