Fri05242013

Last update04:30:23 AM GMT

sd sd

යේමනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එක්සත් ජාතීන් හෙළා දකී

  • පී.ඩී.එෆ් (PDF)

altසෙබළුන් 90 දෙනෙකුට ජීවිත අහිමි කරමින් යේමනයේ සන්නා නගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය හෙළා දකී.

 
සිය සාමාජිකයන්ගෙන් එක් අයෙකු විසින් ජනාධිපති මන්දිරය ආසන්නයේ චතුරශ්‍රය තුළ ප්‍රහාරය සිදු කළ බව යේමනයේ පිහිටි අල්-කයිඩා ශාඛාව පවසයි. ත්‍රස්තවාදීන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යේමන ජනාධිපති අබ්ද් රාබ්බෝ අවධාරණය කරයි.
 
මේ සම්බන්ධයෙන් පෞද්ගලික නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් ප්‍රකාශ කර සිටින්නේ මෙම ප්‍රහාරය හෙළා දකින බවත් යේමනය තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා සියලු පක්ෂවලට ආරාධනා කරන බවත් ය.
 
Share/Save/Bookmark

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 23 වෙනි බදාදා, 21:50