නේපාල ජනාධිපති බාබුරාම් බාට්ටාරායි නොවැම්බර් මාසයේ දී එරට මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරයි.ජනතාවගේ අරමුණු ඉෂ්ට කිරීමට පවතින රජය අපොහොසත් වී ඇති බවත් වෙනත් විකල්පයක් නොවන හෙයින් ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා නව මණ්ඩලයක් පත් කර ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
නොවැම්බර් 22 වැනි දා පැවැත්වීමට නියමිත මැතිවරණය තෙක් භාරකාර රජයේ නායකත්වය තමන් දරන බවත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පවතින රජය 2008 දී දෙවසරක ධුර කාලයක් සඳහා පත්කර ගත් මුත් එයින් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.




