බුරුමයට පැනවූ අමෙරිකානු සම්බාධක ඉවතට
-
2012 අප්‍රේල් 05 වෙනි බ්‍රහස්පතින්දා, 21:45
බුරුමයට පනවා තිබෙන සම්බාධක තවදුරටත් ලිහිල් කරන බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
ඒ අනුව බුරුමයට පනවා තිබූ සංචාරක හා මුල්‍ය සීමා ලිහිල් කරන බවත් බුරුම නායකයින්ට අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට අවසර ලබා දෙන බවත් අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලිරි ක්ලින්ටන් පවසයි.
අමෙරිකාව බුරුමය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයට සමාන ක්‍රියාමාර්ගයක් යුරෝපානු සංගමය ද ගනු ලබන බවට එම සංගමය මීට පෙර සඳහන් කර ඇත.
පසුගියදා බුරුමයේ පැවති අතුරු මැතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී නායක අවුන් සාන් සුකී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අමෙරිකාව මෙම තීරණයට එළඹ තිබේ.
මෙම තීරණයත් සමග අමෙරිකා එක්සත් ජනපදය බුරුමය සඳහා තානාපතිවරයෙකු නම් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ නියෝජිත කාර්යාලයක් ද එරට ආරම්භ කිරීමට නියමිත ය.
අවසන් යාවත්කාලීන කිරීම 2012 අප්‍රේල් 06 වෙනි සිකුරාදා, 20:23