යුරෝපානු කලාපය මුහුණ පා සිටින මුල්‍ය අර්බුදය විසඳීමට ජර්මනිය සමග එක් ව කටයුතු කිරීමට සුදානම් බව නව ප්‍රංශ ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ පවසයි.
යුරෝපීය මුල්‍ය අර්බුදය විසඳීමට ජර්මනිය සමග එක්වෙනවා - නව ප්‍රංශ ජනපති
යුරෝපීය සංවර්ධනයේ වගකීම සියලු දෙනා දරමින් පෞද්ගලික ප්‍රශ්න සඳහා විසදුම් සෙවිය යුතු බවත් නව ප්‍රංශ ජනාධිපති සමග පැවති මාධ්‍ය හමුවක දී ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් පවසා ඇතැයි වාර්තා වේ.
ජර්මනිය සමග ගෞරවාන්විත සහ සමබර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නගා ගැනීමට තමා අපේක්ෂා කරන බව ප්‍රංශ නව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ අතර ලබන 23 වැනි දා බ්‍රසල්ස් හි පැවැත්වීමට නියමිත යුරෝපානු නායක සමුළුවේ දී සියලු දේ පිළිබඳ සාකච්ඡාවට ලක් කළ යුතු බව ද හෙතෙම පවසා ඇත.
අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 20:33




