ප්‍රංශයේ නව කැබිනට් මණ්ඩලය නම් කෙරේ
-
2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 20:30
ප්‍රංශ නව ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ එරට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී එක් දිනකින් අනතුරුව නව සමාජවාදී අග්‍රාමාත්‍ය ජීන් මාර්ක් අයිරොයල්ට් නව කැබිනට් මණ්ඩලය නම් කරයි.
ඒ අනුව ජනාධිපතිවරණයේ දී හොලන්ඩේ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ ප්‍රධානියා වන පියෙරේ මොස්කෝවිසි මුල්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය ලෝරන්ට් ෆාබියස් පත් කර ඇත.
නව කැබිනට් මණ්ඩලයෙන් අඩක් කාන්තාවන් විය යුතු බවට නව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව කාන්තාවන් සඳහා අමාත්‍ය තනතුරු 34 න් 17 ක් ලබා දී ඇත. පරිසර විද්‍යාව ,ක්‍රීඩා, සංස්කෘතික හා නීතිය එම තනතුරු අතර වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 18 වෙනි සිකුරාදා, 21:54